CarDreams.lk
Suzuki WagonR 2020 Review — කොලඹට ඔබින smart car එක
Reviews · Suzuki Wagon R · kei-car · fuel-economy

Suzuki WagonR 2020 Review — කොලඹට ඔබින smart car එක

මාස 2ක් කොලඹ daily driving කරලා බැලුවා. Mild-hybrid ඉන්ධන පිරිමැස්ම, kei-class හැඩය, සහ ධාවන වියදම් ඔබේ wallet එකට සතුටක්.

person Sanduni Wijeratne calendar_today 29 April 2026 schedule 6 min read 8 / 10

thumb_up Pros

  • check_circle කොලඹ traffic එකේ ඉතා පහසුවෙන් ධාවනය කල හැකිවීම
  • check_circle Hybrid තාක්ෂණය නිසා ලීටරයකට කිලෝමීටර් 18–20 ඉහළ ඉන්ධන පිරිමැස්ම
  • check_circle අවම service සහ insurance වියදම

thumb_down Cons

  • cancel පැයට 100km වඩා වැඩි වේගයෙන් ධාවනයේදී smooth නොවීම
  • cancel පිටුපස leg space සීමිත් වීම
  • cancel පසුපස boot ඉඩ 213L පමණක් වීම

Rating

8/10

Wagon R ශ්‍රී ලංකාවේ family vehicle එකක් ලෙස කාගෙත් ආදරය දිනාගත් ඉහළ fan base එකක් ඇති smart car එකක්. වාහන නැවත ආනයනය පටන් ගැනීමෙන් පස්සේ ලංකාවට අලුතෙන් එන FX Safety Edition model එක දැන් market එකේ තිබෙන හොඳම version එකයි. අපි මේ වාහනය මාස 2ක් කොලඹ daily භාවිතා කරලා පරීක්ෂා කළා.

ශ්‍රී ලංකාවේ Wagon R ජනප්‍රියත්වය

Kei car — එහෙමත් නැතිනම් ජපානයේ highway-legal passenger cars අනුමැතිය ඇති කුඩාම වාහන category එකට Wagon R අයිති වෙනවා. Vehicle import නතර වීමත් එක්ක ශ්‍රී ලාංකිකයන් kei car වලින් ඈත් වුණත්, නැවත ආනයනය ඇරඹීමෙන් සහ 60% LTV සීමාව පැනවීමෙන් පසු Wagon R නැවතත් ප්‍රචලිත වෙමින් තිබෙනවා. අඩුම මිල, අඩුම ධාවන වියදම්, සහ කොළඹ වැනි traffic වැඩි ප්‍රදේශවල park කිරීමට ඉතා පහසු වීම ශ්‍රී ලාංකිකයන් මෙම වාහනය ආදරයෙන් වැළදගැනීමට හේතු වෙලා තිබෙනවා.

මාර්ගයේ experience එක

ජවසම්පන්න 660cc mild-hybrid engine එක ගමන් පහසු කරනවා. Traffic එකේ red light එකේදී engine එක නතර වී, නැවත ධාවනයේදී smooth start එකක් ලබා ගන්නවා. අපගේ test drive කාලය තුළ සාමාන්‍ය ඉන්ධන පරිභෝජනය 19.4 km/L — නමුත් කොලඹින් පිට ධාවනය කළ දිනවල 21 km/L දක්වා ඉහළ ගියා.

කොලඹ–කටුනායක highway එකේ ධාවනය කරනවිට, විශේෂයෙන් 100 km/h ඉක්මවා ධාවනයේදී kei car එකක ආවේණික සීමාවන් අත්දකින්නට ලැබෙනවා. නිතර කඳු ධාවනය සඳහාත් මෙය ගැළපෙන වාහනයක් නෙවේ.

Interior

7 inch touch screen සහ Bluetooth connection පාරිභෝගිකයන් කැමතිම features දෙකයි. Driver’s seat ඉහළින් පිහිටා ඇති නිසා මාර්ගය ඉතා හොඳින් පෙනෙනවා. Boot ඉඩ 213L නමුත් පිටුපස අසුන් නැමූ විට 700L+ ඉඩක් ලැබේ.

ධාවන වියදම්

කොළඹ සාමාන්‍ය භාවිතය (වසරකට 10,000 km) මත:

  • ඉන්ධන: ~LKR 198,000 (Vitz සඳහා ~LKR 260,000)
  • සේවා: ~LKR 28,000 (Aqua සඳහා ~LKR 42,000)
  • Insurance: ~LKR 65,000

මෙය Aqua එකක් ධාවනය කිරීමට වඩා වසරකට LKR 100,000කට ආසන්න ඉතිරියක් ලබා දෙනවා. අවුරුදු 5ක භාවිතයකදී, මෙම ඉතිරි මුදල් වාහන මිලෙන් සැලකිය යුතු කොටසක් ආපසු ලබා දෙනවා.

අවසන් තීරණය

Wagon R කොලඹ life එකට match වෙන smart car එකක්. ඔබට අවශ්‍ය වියදමෙන් අඩු, සරල, විශ්වාසවන්ත, නාගරික ජීවිතයට ඔබින වාහනයක් නම් Wagon R නියම choice එකක්. Aqua සහ Vitz සමඟ අපේ 3-way comparison එකද බලන්න.

forum

Have questions about the Suzuki Wagon R?

bolt Average WhatsApp reply: 12 minutes (9am–7pm SLT).

info Phone or email — at least one so we can reach you.

By submitting you agree to be contacted by Car Dreams.

More Reviews

Toyota bZ4X 2024 Review — Toyota's First Real EV, and a Sane One for Sri Lanka
Review
evelectric suvtoyota

Toyota bZ4X 2024 Review — Toyota's First Real EV, and a Sane One for Sri Lanka

The bZ4X is Toyota's first ground-up electric SUV — a midsize, ~71 kWh BEV co-developed with Subaru, built on the e-TNGA platform. It trades headline range and party tricks for Toyota durability engineering and a battery warranty philosophy aimed at long life. Lands around LKR 24–32M, with the EV per-kWh duty advantage doing real work on the tax line. The diaspora-or-second-income family EV for buyers who want electric without the anxiety.

Car Dreams Editorial · 3 Jun 2026
schedule 10 min